BREAKING NEWS
Search

අද සිට පාපැදිකරුවන්ට වෙනම මංතීරු

148

පාපැදි භාවිතය ඉහළ යෑමත් සමඟ පාපැදිකරුවන් සඳහා වෙනම මං තීරුවක් ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (29) සිට ආරම්භ කිරීමට කොළඹ මහ නගර සභාව කටයුතු යොදා තිබෙනවා.

අද පෙරවරු 11 ට බැංකු මාවත ඉදිරිපිටින් එය ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ වනවිටත් බැංකු මාවතේ පාපැදි සඳහා මං තීරු වෙන් කිරීම සිදුකර ඇති අතර, ඊට සමගාමීව පාපැදි ආරක්ෂිතව රඳවා තැබීම සඳහා ස්ථාන වෙන් කිරීම ද සිදුකර තිබෙනවා.

එමෙන්ම, නියමු ව්‍යාපෘතිය තුළ බැංකු මාවතට අමතරව කොටහේන ජෝර්ජ් ආර් ද සිල්වා මාවතේද අද සිට පාපැදි මංතීරුව ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *