BREAKING NEWS
Search

ජනපති රනිල් නිල සංචාරයක් සදහා චීනයට

1230

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුදුරේදීම චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන මහතා රොයිටර් පුවත් සේවය සමග පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව ඉඟි පළකර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර වෙළඳ ආයෝජන හා සංචාරක ඇතුළු ක්ෂේත්‍රවලින් අඛණ්ඩව සහයෝගය ලබා දෙන්නැයි චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා චීන රජයෙන් ඉල්ලා තිබෙනවා.

තේ, කුළුබඩු, ඇඟළුම්, මැණික් ඇතුළු නිෂ්පාදන මිලදී ගැනීම සඳහා චීන සමාගම් දිරිමත් කරන ලෙසද ඔහු වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

චීනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නව ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදු නොකරන බවද තානාපති කොහොන මහතා රොයිටර් වෙත පවසා තිබෙනවා.

එසේම ශ්‍රී ලංකා ආර්ථිකයේ යතුර චීනය බවද තානාපතිවරයා පෙන්වා දී ඇතැයි වාර්තා වනවා.

Source:Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *