BREAKING NEWS
Search

ඊලඟ මිල සංශෝධනයේ දී ඉන්ධන මිල අඩු විය හැකියි- බලශක්ති ඇමති

213

ඉන්ධන  මිල පහළ යෑමේ හැකියාවක් ඇති බව බලශක්ති ඇමති කාංචන විජේසේකර පවසයි. එම මිල පහළ යෑම ඊලඟ මිල සංශෝධනය තුළම සිදුවිය හැකි බව ඇමතිවරයා කියයි. ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ ඊයේ දෙරණ  රූපවාහිනීයේ 360  වැඩසටහනකට සහභාගී වෙමිනි.

සෑම දෙසතිකයටම හෝ මසකට වතාවක් ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය වන බවත්, ලෝක වෙළෙඳපලේ තත්ත්වයන් අනුව ඉන්ධන මිල අඩුවීවේ ප්‍රවනතාවය ඉතා වැඩි බවත් ඇමතිවරයා පැහැදිලි කරයි.

පවතින ඉන්ධන හිඟයට හේතුව විදේශ විනිමය සංචිත නැතිවීම සහ පසුගිය වකවානුවල ඉන්ධන සඳහා ගෙවීම් කිරීමට සමාගම් විසින්  ලබා දුන් දින 180ක සහන කාලය අහෝසි වීම බවත්,  මේ වනවිට  ලබා ගන්නා ඉන්ධන ඇණවුමක් සඳහා දින 20 -30ට  පෙර මුදල් ගෙවිය යුතු මට්ටමේ අර්බුදයකට රට පත්ව ඇති බවත්ය.

Source:lankasara




Leave a Reply

Your email address will not be published. Required fields are marked *