බ්‍රිතාන්‍යයේ මන්ත්‍රීවරයෙක්ගෙන් රනිල්ට හදිසි කෝල් එකක්

328

රිතාන්‍යයේ රාජ්‍ය අමාත්‍යවරයකු වන තරික් අහමඩ්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හදිසි දුරකතන ඇමතුමක් ලබාදී තිබෙනවා.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පොදු රාජ්‍ය මණ්ඩල සහ සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වන තරීක්, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අමතා ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ආර්ථික තත්ත්වය පිළිබඳ විමසීමක් කළ බවයි.

එසේම සාමකාමී විරෝධතා, මාධ්‍ය නිදහස, මානව හිමිකම් සහ යුක්තිය පිළිබඳවද හෙතෙම සාකච්ඡා කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් පවතින අභියෝග මධ්‍යයේ වුවද බ්‍රිතාන්‍යයේ සහාය ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබාදෙන බවද තරික් අහමඩ් සිය ට්විටර් සටහන මගින් ප්‍රකාශ කර තිබෙනවා.

Source:Mawrata



Leave a Reply

Your email address will not be published. Required fields are marked *