BREAKING NEWS
Search

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රටේ සෑම අංශයකට ම ආදර්ශයක්- අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදලක්

358

අත්‍යවශ්‍ය ඖෂ්ධ මිල දී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් මෙරට සෞඛ්‍ය පද්ධතිය වෙත නිල වශයෙන් භාර දීම හා දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයන් වෙනුවෙන් මූල්‍ය අනුග්‍රහය දැක්වීම වෙනුවෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී උත්සවයක් සංවිධානය වී තිබුණා.

ඒ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණ්සිංහගේ ප්‍රධානත්වයෙන්.

එහි දී ක්‍රිකට් ක්‍රීඩාවට මෙන් ම රටේ වෙනත් ක්ෂේත්‍රයන් කෙරෙහි ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැදිහත් වී ඇති ආකාරය පිළිබඳ අමාත්‍යවරයා ඉතා සාධනීය ව කරුණු දැක්වීමක් සිදු කළා.

විශේෂයෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබා ගත් කෙටි දුර ධාවන සූරී යුපුන් අබේකෝන්ට වසරකට ඇමරිකානු ඩොලර් 50,000 බැගින් වසර දෙකක් සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබා ගත් තීරණය නිල වශයෙන් දැනුම් දීම ද මෙහි දී සිදු වුණා.

එම සම්පූර්ණ ලිපිය පහතින්

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *