BREAKING NEWS
Search

ජනාධිපතිතුමා විදෙස් තානාපතිවරුන් හමුවෙයි. රට ගොඩගන්නා හැටි සාකච්ජා කරයි

316

ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජීය හා නාවික ක්ෂේත්‍රයන්ගේ ප්‍රගතිය වෙනුවෙන් සහාය වන බව ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලි (David Holly) මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති හමුවේදී ඩේවිඩ් හොලි මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික ගැටලුව පිළිබඳ ඕස්ට්‍රේලියාව මනා අවබෝධයෙන් පසු වේ. තනි රටක් මෙරටට ලබා දුන් වැඩි ම මානුෂීය ආධාර මුදල ලෙස ඩොලර් මිලියන 50ක් එරටින් පිරිනැමිණ. මෙය ආරම්භයක් පමණි. ඉදිරියටත් අනිකුත් ක්ෂේත්‍ර වෙනුවෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය වන බව ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා පැවසීය. නාවික හා නීතිවිරෝධි සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ඇති අවබෝධතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ දීර්ඝව සාකච්ඡාවට ලක් වූ අතර ඕස්ට්‍රේලියානු ආයෝජන ප්‍රවර්ධනය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බව හොලි මහතා සඳහන් කරනු ලැබී ය.දෙරට අතර 75 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව දක්වන සමීප සහයෝගීතාව පැසසුමට ලක් කළේය.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වූ වැඩසටහනට හා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගනිමින් අඛණ්ඩව සහාය වන බව ජපාන තානාපති හිදෙකි මිසුකොෂි (Hideaki Mizukoshi) මහතා පවසයි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී පැවති හමුවේදී තානාපතිවරයා මේ බව සඳහන් කළේය.ශ්‍රී ලංකාව සමඟ තිබෙන ආර්ථික, සමාජයීය, සංස්කෘතික සබඳතා අඛණ්ඩව පවත්වා ගෙන යාමට කටයුතු කරන බව ද හිදෙකි මිසුකොෂි මහතා පැවසීය.ජපානය ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්වන සහාය පිළිබඳ ජනාධිපතිතුමා තානාපතිවරයාට සිය ස්තූතිය පළ කළේය.

එමෙන්ම ඉන්ධන, ගෑස්, බලශක්ති, රැකියා සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට සහාය වන බව ඕමාන තානාපති ජුමා හම්දාන් හසන් අල් මලික් අල් ශෙහ්හි (Juma Hamdan Hassan Al Malik Al Shehhi) මහතා ජනාධිපතිතුමා සමඟ පවසයි.

සේවය අවසන් කර දිවයිනෙන් පිටත් ව යාමට නියමිත ඕමාන තානාපතිවරයා කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවෙමින් මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලාංකිකයන් 25,000ක පමණ පිරිසක් මේ වන විට ඕමානයේ රැකියාවන්හි නිරත ව සිටිති. පුහුණු ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා වැඩි කර ගැනීමට ද සහාය වන ලෙස ජනාධිපතිතුමා තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.මලික් අල් ශෙහ්හි මහතාගේ වසර 08ක සේවා කාලය තුළ ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා මෙරට වෙළෙඳ සහ ආයේජන අවස්ථා සඳහා ඇති පුළුල් අවකාශය පිළිබඳ සාකච්ඡා කරනු ලැබී ය.තමා ඕමාන විදේශ අමාත්‍යාංශයේ සේවයට වාර්තා කිරීමට යෝජිත අතර දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට එහි සිට ද කටයුතු කරන බව ශෙහ්හි මහතා ජනාධිපතිතුමා සමඟ සඳහන් කළේය.ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක මහතා ද මේ අවස්ථාවට එක් ව සිටියේය

Source:Mawrata




Leave a Reply

Your email address will not be published. Required fields are marked *