ජූලි 06 වැනි දා තෙක් ගෑස් නෑ, පෝලිම්වල නො සිටින්න

362

ලබන මස 6 වනදා තෙක් ලිට්‍රෝ ගෑස් මිල දී ගැනීම සඳහා පෝලිම්වල රැඳී නො සිටින ලෙස එම සමාගම ජනතාවට දැනුම් දෙනවා.

එහි සභාපති මුදිත පීරිස් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, ලබන මස 5 වනදාත් 12 වනදාත් අතර නෞකා 2ක් මගින් මෙටි්‍රක් ටොන් 7,000ක ගෑස් තොග ලැබෙන තෙක් ජනතාවට බෙදා හැරීම සඳහා ගබඩාවල ගෑස් නොමැති බවයි.

එමෙන්ම, ලබන මස 10 වන දායින් පසුව ගෑස් මෙටි්‍රක් ටොන් 25,000ක් රැගත් විශාල නෞකාවක් මාලදිවයිනේ මුහුදු සීමාවට ළඟාවීමට නියමිත අතර, එහි සිට කුඩා නෞකා මගින් මෙරටට අඛණ්ඩව ගෑස් ගෙන්වා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව ලබන 5 වනදායින් පසුව දිවයින පුරා දෛනිකව කිලෝ 12යි දශම 5 ගෘහස්ථ ගෑස් සිල්න්ඩර 80,000ක් බැගින් බෙදාහැරීමට සැලසුම් කර ඇති බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *