BREAKING NEWS
Search

සභානායක දිනේෂ් වෙද්දී ඇමති ප්‍රසන්නට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පුටුව හිමිවෙයි

591

සභානායක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ඇමති ප්‍රසන්න රණතුංග යළි පත් කර තිබෙනවා.

ආණ්ඩුව අර්බුදය ඇතිවීමට පෙර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළේ හිටපු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුයි.

නමුත් රට තුළ සිදු වූ සමාජ හා දේශපාලනික බල පෙරළිය සමග පාර්ලිමේන්තුව මැයි මස 17 වැනිදා තෙක් කල් තැබූ අතර, අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ මහින්ද රාජපක්ෂ ද සිය තනතුරෙන් ඉල්ලා අස්වුණා.

මේ හේතුවෙන් ජනාධිපතිවරයා විසින් නව අගමැති ධුරයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ හිටපු අග්‍රමාත්‍යා සහ එක්සත් ජාතික පක්ෂ නායක මන්ත්‍රී රනිල් වික්‍රමසිංහට ආරාධනා කර සිටියා.

එහිදී අග්‍රාමාත්‍ය ධුරය හිමි වූයේ මෙරට වැඩිම වාර ගණනක් අගමැති ධුරයෙහි කටයුතු කළ රනිල් වික්‍රමසිංහ වෙතයි.

ඒ අනුව පාර්ලිමේන්තුව මැයි මස රට 09 වැනිදින රට තුළ සිදු වූ කලහකාරී සිදුවීම්වලින් අනතුරුව රැස්වන පළමුව හමුව සිදුවන අතර, එහිදී නව නියෝජ්‍ය කථානායකවරුන් ද පත් කෙරෙන අතර, සභා නායක ධුරය සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ධුරය ද මෙලෙස නම් කෙරුණේ, රැස්වීමට නියමිත පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙනි.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *