ත්‍රෛ නිකායික මහා නා හිමිවරුන්ගෙන් නැවතත් ඒකාබද්ධ නිවේදනයක්

326

රට තුළ දේශපාලන සමාජීය හා ආර්ථික ස්ථාවරත්වයක් ඇති කොට ජන ජීවිත සුරක්ෂිත කිරීමට වහා ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දෙමින් ත්‍රෛ නිකායික මහා නා හිමිවරුන් නැවතත් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ සිටින සියලුම මන්ත්‍රීවරුන් වෙත යැවූ ලිපියෙන් මහ නාහිමිවරුන් යළි සිහිපත් කරන්නේ සියලු දේශපාලන පක්ෂ ඒකාබද්ධව වියතුන්ගෙන් සමන්විත සර්ව පාක්ෂීක පොදු අන්තර් කාලීන පාලන ක්‍රමයක් ගොඩනැගීමට උත්සුක වන ලෙසයි.

2022 අප්‍රෙල් මස 04 වනදා සහ අප්‍රෙල් මස 20 වනදා ත්‍රෛයි නිකායික මහා නා හිමිවරුන් රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරන ලෙස යැවූ යෝජනා මාලාවට සාධනීය මැදිහත්වීමක් සිදු කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු මහජන නියෝජිතයෙකු කටයුතු නොකිරීම පිළිබඳව අප්‍රසාදය සහ කනගාටුව පළ කරන බව ත්‍රෛ නිකායික මහානා හිමිවරු පෙන්වා දෙති.

Source:Newsfirst




Leave a Reply

Your email address will not be published. Required fields are marked *