අරගල බිමට ආ නව යුවළ

170

ආණ්ඩුවට වහා ඉවත් වන ලෙස බල කරමින් ගාලු මුවදොර ආරම්භ කළ විරෝධතාව අද 28 වන දිනටත් ක්‍රියාත්මක වනවා.

ඊයේ රාත්‍රියේත් එම ස්ථානයට විවිධ පිරිස් පැමිණ විරෝධතාවයේ නිරත වුණා.

රටේ පවතින වත්මන් තත්ත්වයට විරෝධය පළ කරමින් සහ ආණ්ඩුව වහා ඉවත් වන ලෙස ඉල්ලමින් පැවැත්වෙන ගාලු මුවදොර අරගලය අද ක්‍රියාත්මක වුණේ 28 වන දිනටයි.

ඊයේ රාත්‍රියේත් ඊට විවිධ පිරිස් එක්ව සිටියේ වරින් වර ඇද හැළුණු වර්ෂාව ද නොතකමින්.

මේ අතර විවාහ දිවියට එළැඹුණු නව යුවළක් අද පස්වරුවේ අරගල භූමියට පැමිණ සිය විරෝධය පළ කළා.

මේ අතර ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාව සම්බන්ධයෙන් පොලීසිය ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් කොළඹ මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා ඉවත් වුණා.

කොටුව පොලිසිය විසින් කරන ලද මෙම ඉල්ලීම අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී කොටුව පොලිසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ෂවීන්ද්‍ර වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අරගලය හා සම්බන්ධ නඩු දෙකක් මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් වී ඇති බව සඳහන්
කළා.

එබැවින් මෙම ඉල්ලීම සලකා බැලීමට සූදානම් නම් ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට තමන් පියවර ගන්නා බවත් රජයේ නීතිඥවරයා සඳහන් කළා.

රජයේ නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන්ල අරගලයේ නියුතු පුද්ගලයෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විරෝධය පළකර සිටියා.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා තමන් මෙම ඉල්ලීම සලකා බැලීමෙන් ඉවත් වන බවත් එය වෙනත් මහේස්ත්‍රාත්වරයෙකු හමුවට යොමු කරන ලෙසටත් නියෝග කළා.

ඒ අනුව අදාළ ඉල්ලීම රජයේ සහ විරෝධතාකරුවන්ගේ නීතිඥවරුන්ගේ එකඟතාව මත ලබන 10 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ සලකා බැලීමටයි අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

මේ අතර අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් වන ලෙසට බල කරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාව ද තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර පවතින අර්බුදකාරී තත්ත්වයට විරෝධය පළ කරමින් දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයකම උද්ඝෝෂණ සංවිධාන කර තිබුණා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *