ඩොලර් බිලියනයක ඉන්දීය ණය ආධාර යටතේ වානේ ඇතුළු කාර්මික අමුද්‍රව්‍ය ආනයනය සඳහා වෙන් කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 260ක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ප්‍රකාශ කළා.
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ, ඉන්දියානු ණය ආධාර යටතේ මෙරටට ආනයනය කරන භාණ්ඩ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
Source:Hirunews

















