BREAKING NEWS
Search

“මයිනා ගෝ ගම” ඉදිකෙරේ

168

දින කිහිපයක් තිස්සේ කොළඹ අගමැති නිල නිවස ඉදිරියේ ජනතාව විසින් විරෝධතා පවත්වමින් සිටිනවා.

ඔවුන් ඒ අසල තාවකාලින කූඩාරම් ඉදිරි කරගෙන සිටින අතර එම ස්ථනයේ “මයිනාගෝගම”ක් ස්ථාපනය කර තිබෙනවා.

එලෙස අගමැති මහින්ද රාජපක්ෂ සහ ජනපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු බව පවසමින් විරෝධතාකරුවන් දින 20ක කාලයක් තිස්සේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරියේද ” ගෝඨා ගෝ ගම ” නමින් ගමක් ස්ථපනය කළා.

මේ අතර අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදී සිටින මෙම පිරිස ඉවත් කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා ඊයේ කොල්ලුපිටිය පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

පසුව පොලිසිය අරගලයේ සිටින පිරිසට බාධාවන අයුරින් පදික තීරුවේ පොලිස් බස් රථ ගාල් කිරිමට ද පියවර ගත් අතර සියලු බාධක හමුවේ තරුණ තරුණියන් අරලියගහ මැදුර අසල රැය පහන් කරමින් අරගලය ඉදිරියටම රැගෙන ගියා.

 

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *