අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,185 කින් ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ලිට්රෝ ගෑස් සිලින්ඩරයක නව මිල සටහන් වන්නේ රුපියල් 4,860 ක් ලෙසයි.
මීට පෙර ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි කෙරුණේ රුපියල් 2,675 කටයි.
මේ අතර ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ සමාගම ලබා ඇති පාඩුව හමුවේ මිල වැඩිකිරීමකින් තොරව ලබන මස සිට ගෑස් ගෙන්වා ගැනීමට හැකියාවක් නොමැති බවයි.
ගෑස් සිලින්ඩරයකින් රුපියල් 2,500 පාඩුවක් ලබන බැවින් ගෑස් මිල රුපියල් 5,175 ක් දක්වා රුපියල් 2,500 කින් වැඩි කල යුතු බව ලිට්‍රෝ සමාගම මීට පෙර ද ප්‍රකාශ කල අතර රජය එම අවස්ථාවේ සඳහන් කළේ ඒ සඳහා අවසර ලබා දී නොමැති බවයි.
මේ අතර විදුලි බිල වැඩි කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම මෙතෙක් අවසර ලබා දී නොමැති බව එහි සභාපති ජනක රත්නායක පැවසුවා.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ලංකා විදුලිබල මණ්ඩලයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පවතින පාඩු ලබන තත්වය හමුවේ විදුලි බිල වැඩිකිරීමට අදාල සාකච්ඡා මාස ගණනාවක සිට මේ දක්වා අඛණ්ඩව සිදු කෙරෙමින් පවතින බවයි.
මේ අතර රට පුරා ගෑස් වැඩි වන ආකාරයද පහතින් දැක්වෙනවා.


Source:Hirunews


















