BREAKING NEWS
Search

මේ වසරේ උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස 17 වනදා ඇරඹේ

220

මේ වසරේ උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස 17 වනදා සිට නොවැම්බර් මස 12 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා.

පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ මේ වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 16 වනදා පැවැත්වීමට නියමිත බවයි.

එමෙන්ම, පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 23 වනදා සිට ජුනි මස පළවනදා දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *