BREAKING NEWS
Search

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුව ඉදිරියට

329

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යෑමේ යෝජනාවක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව සම්මත කරගෙන තිබෙනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (21) පෙරවරු 11 .30 ට මෙම හමුව පැවැත්වුණා.

රටේ ඇතිව තිබෙන ආර්ථික හා දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් මෙන්ම,ආණ්ඩුවේ අර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව කැඳවා ඇති බවයි වාර්ථා වන්නේ.

මේ අතර දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලගන්වා, විසිවැනි සංශෝධනය නැවත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනා පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්කර තිබෙනවා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *