BREAKING NEWS
Search

එකක් පස්සට එකක් ඉස්සරහට-සමගි ජන බලවේගයෙන් තීරණයක්

220

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලිපි දෙකකට අත්සන් තැබුවා.

ඉන් එකක් වූයේ ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක්.

විශ්වාසභංගයට ප්‍රමුඛතාව

අනිත් එක වූයේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක්.

එහෙත් දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව ජනපතිට එරෙහි දෝෂාභියෝගය පිටුපසට තල්ලු වී තිබෙනවා.

ඒ වෙනුවට ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය එළඹෙන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ප්‍රමුඛතාව ලබා දීම

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට ප්‍රමුඛතාවය ලබාදීම වඩාත් සුදුසු පියවර ලෙසයි සමගි ජන බලවේගය තීරණය කොට තිබෙන්නේ.

විශ්වාසභංග ඉදිරිපත් කරන්නේ අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිවයි.

විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන්ද සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් තුළ කතිකාවතක්ද ඇතිව තිබෙන බවත් වාර්තා වනවා.

Source:Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *