BREAKING NEWS
Search

අවුරුද්දට ගමට යන්න සෙනඟ නෑ

248

සිංහල අලුත් අවුරුද්දට ගම් බලා යන ජනතාවගේ ගමන් පහසුව සඳහා යොදවා තිබූ විශේෂ දුම්රිය අටක් මගීන් නොමැතිවීම හේතුවෙන් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

ඉකුත් 9 වැනි දා සිටි අද දක්වා අවලංගු කළ විශේෂ දුම්රිය අතර ඊයේ සහ පෙරේදා  පෙරවරු 9.00 කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය ද 9,10, හා 11 රාත්‍රී 7.00 කොටුවේ සිට ගාල්ල දක්වා වූ දුම්රිය ද 10  සහ 11 දහවල් 12.30ට කොටුවේ සිට  අනුරාධපුර බලා යන දුම්රියන්ද වෙතැයි එම ප්‍රකාශකයා කීය.

ඉකුත් 9 වැනි දා උදේ 9 .30ට කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය කළ දුම්රිය මගීන් නොමැතිවීම හේතුවෙන් හැටන් දුම්රිය ස්ථානයෙන් හරවා නැවත කොළඹ බලා ධාවනය කර තිබේ.

මේ අතර හෙට රාත්‍රී 7.20ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ රාත්‍රී 10ට ගල්කිස්සේ සිට කන්කසන්තුරය දක්වා වූ විශේෂ දුම්රිය දෙකක් ධාවනය වීමට නියමිත බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය

Source:.lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *