BREAKING NEWS
Search

අරගලය රෝස මලින් සුවදවත් කළ සුන්දර තරුණිය

307

මේ දවස්වල හැමදෙනාම එක අරමුණකට එකතු වෙලා ඉන්නවා.

ඒ වත්මන් පාලනයට විරුද්ධව වගේම ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බලකරමිනුයි.

පියවරු, මව්වරු, නීතිඥයින්, තරුණයින්, වැඩිහිටියන් වගේම විවිධ ක්ෂේස්ත්‍ර නියෝජනය කරන ජනතාව මේ අරගල බිමට එකතු වෙනවා.

ඉතින් සමහර විරෝධතා අතරේ කදුළු ගෑස් ගැසීම් පවා සිදු වෙනවා.

ඒ කොහොම වුනත් ජනතාව ඒවා නොතකා විරෝධයේ නියැලෙන්නේ තම රට රැක ගැනීම වෙනුවෙනුයි.

මේ අරගල බිමේදී නොයෙක් දෙනා හමු වුවත් එක්තරා තරුණියක් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ හරි අපුරු ජායාරූපයක් හුවමාරු වෙනවා.

ඒ ඇය අරගල බිමේදී සටහන් කල ආකාරයයි.

ඇය පොලිස් නිලධාරියෙකුට රෝස මලක් ලබා දෙනවා.

ඇය කවුද කියන එක මේ වෙනකොට හැමෝම හොයන්න පටන් අරගෙන තියෙනවා.

ඇය නමින් කසුන්සලා ගිම්හානි.

ඇය රාගම වෛද්‍ය පීඨයේ අයෙක්.

කසුන්සලාට හොද ගායන හැකියාවක් තියෙනවා කියන එකත් ඔබට මතක් කරන්න ඕනේ.

මේ සුන්දර තරුණියගේ මිතුරු මිතුරියන් මුහුණුපොතට ඇය වෙනුවෙන් ආදරණිය සටහන් එකතු කරලා තියෙනවා.

අරගලයට රැගෙන යා යුත්තේ කඩු, කිනිසි නොව ආදරය බව ඇය ඇය පසක් කලා.

Source:Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *