Search

පොලිස් ඇමති, ඇමතිකමෙන් යන්න බැහැ කියයි

352

ඉකුත් සදුදා (4) අග්‍රාමාත්‍යවරයා විසින් අරලියගහ මන්දිරයට කැඳවූ රැස්වීමේදී ඒ අවස්ථාවේ ආණ්ඩුවේ ඇමතිවරු ලෙස සිටි අය අතරම ගැටුම් ඇති වූ බව වාර්තා වනවා.

මේ ගැටුම් බොහොමයකට මැදිහත් වී තිබෙන්නේ මහින්දානන්ද අලුත්ගමගේ මහතායි.

අග්‍රාමාත්‍ය ධූරය

එම රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් විය යුතු නැති බවත් ඇමතිවරු ධූරවලින් ඉවත් යුතු බව තීරණය කොට තිබෙනවා.

එහිදී ඇතැම් ඇමැතිවරු සිය ධූරයෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කොට තිබෙන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මහජන සාමය බාර ඇමැති සරත් වීරසේකර මහතා ඉන් එක් අයෙක්.

පොලීසිය භාර ඇමති

පොලීසිය භාර ඇමතිවරයා ලෙස ඇතැම් තීන්දු නිසා මතභේදාත්මක චරිතයක් බවට පත්ව සිටින වීරසේකර මහතා සඳහන් කර තිබෙන්නේ තමන් ඇමති ධූරයෙන් ඉල්ලා ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බවයි.

ඒ අවස්ථාවේ ඊට විරෝධය දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා සරත් වීරසේකර මහතාට බැණ වැදී තිබෙනවා.

දෙදෙනා අතර ගුටි බැට හුවමාරුවක් දක්වා සිද්ධිය දුරදිග ගිය බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Source:Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *