BREAKING NEWS
Search

ශ්‍රී ලංකා මහබැංකුව දේශපාලනය රහිත ස්වාධීන තැනක් – මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

174

මෙරට ආර්ථිකය නියත වශයෙන්ම යහපත් ගමන් මාර්ගයකට හැරවීමේ හැකියාව සහ ශක්තිය ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇති බව තමන් විශ්වාස කරන්නේ යැයි නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඔහු කියා සිටින්නේ එම හැරවුම් ලක්ෂය ඉදිරි මාස කිහිපය තුළ දී ඇති කරගත හැකි වනු ඇති බවයි.

ඒ සඳහා දේශපාලන ස්ථාවරභාවය සහ සමාජයීය ස්ථාවරභාවය අත්‍යවශ්‍ය සාධකයක් බවත් ඔහු අවධාරණය කළා.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද (08) දින වැඩ භාර ගැනීමෙන් අනතුරුව පවත්වනු ලබන පළමු මාධ්‍ය හමුවේ දී යි මේ අදහස් ප්‍රකාශ කළේ.

එමෙන්ම රටේ අභිවෘද්ධිය සඳහා තමන් උපරිම කැපවීමෙන් කටයුතු කරන බවත් සිය කටයුතුවල දී දේශපාලන මැදිහත්වීම් ඇති කර ගැනීමට කිසිදු ඉඩක් නොතබා ස්වාධීනව කටයුතු කරන බවත් ඔහු කියා සිටියා.

තමන් එම කටයුත්ත සිදු කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකසා ගැනීමෙන් පසුව මේ අවදානම භාර ගෙන මෙරටට පැමිණි බවයි ඔහු සඳහන් කර සිටියේ.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම සඳහා හැකි උපරිම වේගයෙන් කටයුතු කරන බවත් ඒ සඳහා වහාම යෝජනා කැදවීම සඳහා මේ වන විටත් පියවර ගෙන ඇති බවත් ඔහු කියා සිටියා.

එම යෝජනා සලකා බැලීමෙන් අනතුරුව ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා වහාම කමිටුවක් පත් කිරීමට තමන් අදහස් කර සිටින බවත් මෙම මාධ්‍ය හමුවේ දී ආචාර්ය වීරසිංහ පවසා සිටියා.

තමන් රට වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමේදී කිසිදු දේශපාලන අධිකාරියට හෝ දේශපාලන උවමනාවකට නතුව කටයුතු කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සෘජුව වගකියන්න මෙරට මහජනතාවට බවත් ඔහු මෙම මාධ්‍ය හමුවේ දී හමුවේ දී අවධාරණය කර සිටියා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *