BREAKING NEWS
Search

කන්න දුන්න පාන් කෑල්ලෙන් උප සභාපතිට ගහයි- මහරගම නගර සභාව උණුසුම් වෙයි

235

මහරගම නගර සභාවේ මාසික මහා සභා රැස්වීමේ දී ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් උදෑසන ආහාරයට ලබා දී තිබූ පාන් කැබැල්ලකින් නාගරික මන්ත්‍රී නිශාන්ත විමල චන්ද්‍ර මහතා විසින් උප සභාපති සුනිල් පියරත්න මහතාට පහර දී තිබෙනවා.

පාන් කැබැල්ලෙන් පහර දීමත් සමඟ මහරගම නගර සභාවේ මාසික මහා සභා රැස්වීම උණුසුම් මුහුණුවරක් ගැනීමත් සමඟ එය පාලනය කිරීමට සභාපති ටිරාජ් ලක්රුවන් මහතා සභාව විනාඩි පහකට කල් තැබීමටද කටයුතු කළා.

ප්‍රසම්පාද ක්‍රියාවලියෙන් බැහැරව නගර සභාවේ උප සභාපතිවරයා වාහනයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රී නිශාන්ත නිශාන්ත විමලචන්ද්‍ර මහතා අදහස් දක්වමින් සිටියදී චෝදනාව ප්‍රතික්ෂේප කරමින් උප සභාපති සුනිල් පියරත්න මහතා අදහස් දැක්වීමට යාමත් සමග දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා.

එහිදී නාගරික මන්ත්‍රීවරයා උප උපසභාපතිවරයාගේත් , උප සභාපතිවරයා නාගරික මන්ත්‍රීවරයාගේත් පෞද්ගලික කාරණා ඉස්මතු කරමින් එකිනෙකාට චෝදනා කරමින් කරුණු දක්වන අතරතුරදී එක්වරම නිශාන්ත විමලචන්ද්‍ර මන්ත්‍රීවරයා උදෑසන ආහාරයට ලබා දී තිබූ පාන් කැබැල්ලකින් උප සභාපතිවරයාට පහර දුන්නා.

එම අවස්ථාවේදී සභාවේ උණුසුම් තත්ත්වයක් හටගත් අතර එය පාලනය කිරීමට මන්ත්‍රීවරුන්ට මැදිහත්වීමට සිදු වුණා.

Source :Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *