වර්තමානයේ කලා ක්ෂේත්‍රයේ සිටින අති දක්ෂ, ජනප්‍රිය ,සුරූපී රංගන ශිල්පිනියක් මෙන්ම නර්තන ශිල්පිනියක ද වන ඇය ටෙලි නිර්මාණයන්ගෙන් මෙන්ම සිනමා නිර්මාණයන් ගෙන් ද දක්නට ලැබෙනවා.
නව පරපුරේ සිටින යොවුන් ,අවිහිංසක රංගන ශිල්පිනියක වන ඇය තරින්දි ප්‍රනාන්දු යි.
ඉදිරියේදී විකාශය කිරීමට නියමිත අවුරුදු වැඩසටහන් සඳහා මේ දිනවල මදක් කාර්ය බහුල දිවියක් ගත කරන ඇය රංගනය වෘත්තියක් කරගැනීමට අකමැති බැවින් ඉදිරියේ දී රංගනයට අමතරව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ද බලාපොරොත්තුවෙන් සිටින බවත්,
ඒ සඳහා මේ දිනවල ව්‍යාපාර පිළිබඳව ඉගෙනුම ලබන බවයි තරින්දි කියා සිටියේ.
ඒ වගේම ඇය මින් පෙර සිනමා නිර්මාණයන් සඳහා රංගනයෙන් දායක වී තිබුණත් ප්‍රධාන චරිතයකට ජීවය එක් කරන ප්‍රථම අවස්ථාව ලෙස මීට වසරකට පමණ පෙර රූ ගත කිරීම් අවසන් කළ ඉදිරියේදී තිරගත වීමට නියමිත සුරංග ද සිල්වා මහතාගේ “ද ගේම්” සිනමාපටය හඳුන්වන්න පුළුවන්.
එහි රන්ජන් රාමනායක, ශ්‍රියන්ත මෙන්ඩිස් ,ජනිත් වික්‍රමගේ,චතූ රාජපක්ෂ, ගීතිකා රාජපක්ෂ වැනි ප්‍රවීණ ,නවක නළු නිළියන් රාශියක් රංගනයෙන් දායක වී තිබෙන අතර
ඔවුන් හා එක්ව ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායකවීමට ලැබීම වෙනස්ම අත්දැකීමක් බවත්, රංජන් රාමනායක මහතා ඉතා හොඳ, නිහතමානී, මිත්‍රශීලී රංගන ශිල්පියකු බවත් ඔහු හා ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායකවීමට ලැබීම ඇය ලද භාග්‍යයක් ලෙසයි තරින්දි දකින්නේ.
ඒ වගේම එදා මෙන්ම අදටත් සිංහල සිනමාවේ “super star” ඔහු බවයි ඇය කියා සිටියේ. කුඩා කල සිට රංගනයට බොහෝ ප්‍රිය කර ඇති ඇය නර්තන ගුරුවරියක වීමට සිහින දුටුවත් උසස් අධ්‍යාපනය.
සඳහා වාණිජ විෂය ධාරාව තෝරා ගැනීමත් සමඟ නර්තන ගුරුවරියක වීමේ සිහිනය වෙනස් වූ බවයි තරින්දි කියන්නේ.
ඉතින් ඒ වගේම රයිගම් ටෙලි සම්මාන උළෙලේ 2020 වසරේ “සුළඟ මහමෙරක” ටෙලි නිර්මාණය සදහා ඇය දැක්වූ රංගනය වෙනුවෙන් “හොඳම නැගීඑන නිළිය” සඳහා නිර්දේශ වන ඇය,
2021 වසරේ “මහ පොළොව” ටෙලි නිර්මාණයෙහි රංගනය වෙනුවෙන් “හොඳම සහාය නිළිය” ලෙසත් නිර්දේශිත නාමයන් අතරට එක් වීමට ඇයට හැකි වනු ලබනවා.
කෙසේ නමුත් සම්මානය අහිමි වුවත් නිර්දේශිත නාමයන් අතරට එක්වීමට ලැබීම ගැන ඇය බොහෝ සතුටු වන බවයි කියා සිටියේ.
ඉතින් තවමත් අවිවාහක, තනිකඩ දිවියක් ගත කරන මේ සුරූපිනිය ඉදිරියේදී විවාහ වනතුරු පෙම්වතා පිළිබඳව හෙළි නොකරන බවයි පවසන්නේ.කෙසේ නමුත් ඇයගේ ඉදිරි ගමනට අපි ඇයට සුබ ප්‍රාර්ථනා එක් කර සිටිනවා.
Source:Viral21news




















