BREAKING NEWS
Search

අද වැඩියෙන් පැයකුත් අමතර ව විදුලිය කැපේ

214

සති අන්තයේ විදුලි ඉල්ලුම ඉහළ යාම හේතුවෙන්, අද (27) උදෑසන 10 සිට සවස 02 අතර කාලයේ දී විදුලි කප්පාදුවක් සිදු කෙරෙන අතර, එම කාලයට අමතරව අතිරේක පැයක් ද විදුලි සැපයීම නතර කෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරනවා.

ඒ අනුව අද දිනයේ දී මෙලෙස අතිරේක පැයක් විදුලිය කැපෙන කාණ්ඩ ලෙස පී,ක්‍යු,ආර්,එස්,ටී,යූ,වී සහ ඩබ්ලිව් යන ප්‍රදේශ දක්වා තිබෙනවා.

රට තුළ පවතින දැඩි ඩොලර් හිඟය හේතුවෙන් දිවයිනට පැමිණෙන තෙල් නෞකාවලට මුහුද මැද නැංගූරම් ලෑමට සිදුව ඇත්තේ, තවදුරටත් විදුලි අර්බුදය වර්ධනය කරමින්.

ඩීසල් සහ නැප්තා නොමැති වීම හේතුවෙන් රටේ පිහිටි ප්‍රධාන පෙළේ විදුලි බලාගාරවල කටයුතු අක්‍රීය වී ඇති මොහොතක මෙවන් අර්බුදයක් සමනයටයි විදුලිබල මණ්ඩලය විසින් විදුලි කප්පාදුවකට අවතීර්ණ වන්නේ.

රට තුළ මේ වනවිට ඉන්ධන මෙන්ම ගෑස් අර්බුදයක් හටගෙන ඇති අතර, නිමා නොවන අවසන් නොවන පෝලිම් ක්‍රමයක් ද ඉන්ධන සහ ගෑස් සේවා ලබාගැනීමට රැස් වී තිබෙන අයුරු ද දක්නට ලැබෙනවා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *