BREAKING NEWS
Search

පෙට්‍රල් මිල රුපියල් 49 කින් යළි ඉහළට

217

ලංකා අයි.ඕ.සී. සමාගම ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි යළි පෙට්‍රල් මිල රුපියල් 49 කින් ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව ලංකා අයි.ඕ.සී. සමාගම අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 303 ක් වන අතර, ඔක්ටේන් අනූ පහ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 332 ක්.

කෙසේ වෙතත් මෙතෙක් සිපෙට්කෝ ඉන්ධන මිලෙහි වෙනසක් සිදුකර නැහැ.

පසුගිය මාර්තු 11 වනදාද ලංකා අයි.ඕ.සී. සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ නැංවූ අතර, එහිදී ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් ඉහළ නංවනු ලැබුවා.

එහිදී අයි.ඕ.සී. ඩීසල් මිල සියයට 54 කින්ද, පෙට්‍රල් මිල සියයට 27 කින් ද ඉහළ නැංවීම විශේෂත්වයක්.

එලෙස ඉන්ධන මිල ඉහළ නැංවීමේදී අයි.ඕ.සී. සමාගම ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස අවප්‍රමාණ වීම මෙලෙස මිල ඉහළ නැංවීම සඳහා බලපා ඇති බවයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද පසුගිය මාර්තු 12 වනදා ඉන්ධන මිල වැඩි කිරීමට පියවර ගත්තා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 77 කින් ඉහළ නැංවූ අතර, එම පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 254 ක් දක්වා ඉහළ ගියා.

සංස්ථා ඔටෝ ඩීසල් ලීටරයක මිලද රුපියල් 55 කින් ඉහළ නැංවීමත් සමඟ ඔටෝ ඩීසල් ලීටරයක නව මිල සටහන් වූයේ රුපියල් 176 ක් ලෙසයි.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *