BREAKING NEWS
Search

මහජන බැංකුව කඩා වැටිලා සමාජ මාධ්‍ය හරහා පැතිරයන්නේ බොරුවක්

203

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව යම් අර්බුදයකට ලක්ව ඇති බවක් හඟවමින් සමාජ මාධ්‍ය ජාල තුළ පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා අද දින මෙසේ පැවසීය .

“මහජන බැංකුව අර්බුදයකට ලක්වෙලා කියන එක අමූලික බොරු කතාවක්. මේ දවස්වල රටේ තියෙන ඩොලර් හිඟයත් එක්ක LC (ණයවර ලිපි) දෙක තුනක් හිර කරගෙන හිටියා. ඒත් අද ඒවාට අවශ්‍ය ඩොලර් මහබැංකුවෙන් ලබාදෙනවා. එතකොට ඒ ප්‍රශ්නය අදින් ඉවරයි. මෙතන වෙන කිසිම ප්‍රශ්නයක් නෑ. රුපියල්වලින් කොහෙත්ම ප්‍රශ්නයක් නෑ, මේවා සම්පූර්ණ බොරු ප්‍රචාර. කවුරුත්ම කලබල වෙන්න අවශ්‍ය නෑ, මහජන බැංකුව කියන්නේ එහෙම කවදාවත් ප්‍රශ්නයක් වෙන ආයතනයක් නෙවෙයි. මේවා මේ මිනිස්සු නොමඟ යවන්න කියන බොරු කතා”

Source:gossiplankanews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *