BREAKING NEWS
Search

ඉදිරි දින දහය තුළ ගෑස් පෝලිං නැත්තට ම නැති කරනවා

184

මේ වන විට සිය සමාගමට අඛණ්ඩව ගෑස් සැපයුම් සිදු කෙරෙන බව ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ පවසනවා.

හෙට දිනයේ සහ සඳුදා දිනයේ ගෑස් තොග රැගත් තවත් නෞකා දෙකක් දිවයිනට පැමිණීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

එම ගෑස් තොග ලැබීමත් සමග ඉදිරි දින 10ක කාලය තුළ දී ගෑස් සිලින්ඩර මිලියනයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි ලිට්රෝ සමාගමේ සභාපතිවරයා පවසා සිටියේ.

ඒ අනුව මේ වන විට වෙළෙඳපොළ තුළ මතු ව ඇති ගෑස් හිඟය පහව යනු ඇති බවත් ගෑස් පෝලිං නැති වී යනු ඇති බවත් ඔහු විශ්වාසය පළ කළා.

සාමාන්‍යයෙන් මෙරට දෛනික අවශ්‍යතාව සපුරාලීම සඳහා ගෑස් සිලින්ඩර අසූ දහසත් – ලක්ෂයත් අතර ප්‍රමාණයක් නිකුත් කළ යුතු ව තිබෙනවා.

නමුත් වරින් වර ලිට්රෝ සමාගමට අවශ්‍ය ගෑස් තොග නො ලැබීම හේතුවෙන් මෙම සැපයීම් අඛණ්ඩ ව සිදු කිරීමට නො හැකි වූ අතර ඒ නිසාවෙන් වෙළෙඳපොළ තුළ විශාල ගෑස් හිගයක් නිර්මාණය වුණේ බරපතළ ආර්ථික පීඩාවන්ට ලක් ව සිටින ජනතාව තව තවත් පීඩනයට ලක් කරමින්.

මීට අමතර ව මෙරට ගෑස් වෙළෙඳපොළේ 20%ක පමණ භාරයක් දරන ලාෆ් ගෑස් සමාගම ද පසුගිය මාස 4ක පමණ කාලය තුළ වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමෙන් වැලකී සිටියේ ඔවුන්ට ගෑස් මිල දී ගැනීම සඳහා අවශ්‍ය කරන ඩොලර් නො මැතිවීම හේතුවෙන්.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *