එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න කියා සිටියේ පරිප්පු, සීනි, හාල්, වැනි ආහාර ද්‍රව්‍යවල මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවයි.
අද දිනයේ ඇතැම් වාණිජ බැංකු ඩොලරයේ අගය 290ත් 295ත් අතර අගයකින් ඉහළ දමා තිබුණා.
කෙසේ වෙතත්, ඉන්දියානු ණය පහසුකම මෙරටට ලැබීමත් සමග ඩොලරයට පවතින ඉල්ලුම ඉදිරියේ දී අවම වනු ඇති බවට අපේක්ෂා කරන බවයි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළදුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සදහන් කළේ.
ආනයනික අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 1500ක් පමණ මේ වන විට වරායේ සිර වී ඇති අතර ඇමරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකමෙන් ලද මුදල් උපයෝගී කර ගනිමින් ඒවා නිදහස් කර ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු සදහන් කළා.




















