ලෝක ජල දිනය අදට (22) යෙදී තිබෙනවා.
ඒ නිමිත්තෙන් ජල සම්පාදන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පවත්වන ජාතික ජල දින සමරු උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 4.30ට අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන බවයි ජල සම්පාදන අමාත්‍යාංශය නිවේදනය කළේ.
“අදිසි භූ ගත ජලය දෘශ්‍යමාන කිරීම” මෙවර ජල දිනයේ තේමාව ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය හඳුන්වා දී තිබෙනවා.
ජලය හා සනීපාරක්ෂක පද්ධතිය, කෘෂිකර්මාන්තය, කර්මාන්ත, පරිසර පද්ධති මෙන්ම දේශගුණික විපර්යාසවල අනුවර්තනය උදෙසා වූ භූ ගත ජලයේ ඇති වැදගත්කම සහ කාර්යභාරය මෙම තේමාව මගින් නිරූපිතයි.
මේ අතර, අදට යෙදී ඇති ලෝක ජල දිනය වෙනුවෙන් වාරිමාර්ග අමාත්‍යාංශය සංවිධාන කරන තවත් සැමරුම් උත්සවයක් අද පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ද පැවැත්වීමට නියමිතයි.
වසර 2040 දක්වා අවශ්‍ය ජල සම්පත් සැලසුම්කරණය පිළිබදව එහිදී සාකච්ඡා කෙරෙනු ඇති.
Source:Hirunews




















