BREAKING NEWS
Search

ජනපති වහාම විශේෂ රැස්වීමක් කැඳවයි. මැති ඇමතීන්ට රැස්වීම අනිවාර්යයි

274

ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (22) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතයි.

එහිදී විශේෂ කාරණා කිහිපයක් ගැන සාකච්ඡා කිරීමට නියමිතයි.

ඒ අනුව රටේ මතුව ඇති ඩොලර් අර්බුදය, ඉන්ධන , ගෑස් සහ විදුලි අර්බුදය ආදිය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙනු ඇත.

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට මෙම රැස්වීම අනිවාර්ය කර තිබෙනවා.

Source:Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *