ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය උතුර දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වී අද පීඩන අවපාතයක් බවට පත්වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එය, හෙට දිනය වනවිට සුළි කුණාටුවක් බවට වර්ධනය වනු ඇති.
මේ හේතුවෙන් නැවත දැනුම්දෙනතුරු ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාව වෙතින් ඉල්ලීමක් කෙරෙනවා.
එමෙන්ම කන්කසන්තුරයේ සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ අද දිනයේ තරමක් රළුවිය හැකියි.
මේ අතර අද බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.
Source:Hirunews




















