BREAKING NEWS
Search

ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණයට වසර 26යි

260

2022 වසරේ මාර්තු 17 වැනි දා එනම් අදට ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර වසර 26ක් පිරෙනවා.

ශ්‍රී ලංකාව ක්‍රිකට් වංශ කතාවේ ප්‍රධාන රටවල් අතරට එක්වන්නේ 1996 වසරේ පැවැති ‘Wills‘ ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව යන්න නොරහසක්.

එදා මෙරට ක්‍රිකට් වංශ කතාව රන් අකුරින් ලියැවුණු දිනය ලෙස 1996 වසරේ මාර්තු 17 වැනි දින හැඳින්විය හැකි යි.

1975 වසරේ පැවැති අභිනව ලෝක කුසලාන තරගාවලියේ සිට ශ්‍රී ලංකාව එතෙක් ලබාගන්නා ලද ඉහළ ම ජයග්‍රහණය දිනා අදට වසර 26ක්.

පාකිස්තානයේ ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැති එම අවසන් මහ තරගයේ දී අර්ජුන රණතුංග ඇතුළු ශ්‍රී ලංකා කණඩායම හමුවේ පරාජයට පත්වන ලද්දේ, මාක් ටේලර්ගේ නායකත්වයෙන් යුතු ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම යි.

මෙරට ක්‍රිකට් වංශ කතාවේ රන් අකුරින් ලියැවුණු මෙම ලෝක කුසලාන ජයග්‍රහණය සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ බලපොරොත්තු මල්ඵල ගන්වනු ලැබූ අවස්ථාවක් ලෙසින් හැඳින්විය හැකි යි.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලාංකීය ක්‍රිකට් අභිමානය ජාත්‍යන්තරය තුළ පළමු වතාවට පසක් කරන ලද අවස්ථාවක්.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *