BREAKING NEWS
Search

තවත් සහන පුළුවන් තරම් දෙනවා – බැසිල්ගෙන් ප්‍රකාශයක්

216

රට තුළ උද්ගතව පවතින ඩොලර් අර්බුදයට හේතුව වත්මන් රජයේ ක්‍රියා කලාපය නොවන බව මුදල් අමාත්‍ය බැසිල් ‍රාජපක්ෂ පවසනවා.

ගම්පහ පිහිටි බස්නාහිර පළාත්බද මහාධිකරණය වෙත අද (11) පෙරවරුවේ පැමිණි අවස්ථාවේ දී, මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා කියා සිටියේ, ජනාධිපති,අග්‍රාමාත්‍යවරයා සහ ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් රටේ පැන නැඟි අර්බුදයන්ට කඩිනම් විසඳුම් ලබාදීමට මේ වනවිටත් පියවර ගෙන ඇති බවයි.

එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ තෙල්, ගෑස් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති අතර,එය විසඳාලීමට කඩිනම් තීන්දු තීරණ ගෙන ඇති ද යන වගයි.

ඊට පිළිතුරු දුන් මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ, තෙල් අර්බුදය මෙරට පාලනය විසින් ගොඩනැගූ දෙයක් නොවන අතර, කාලයෙන් කාලයට ලෝක විපර්යාසයන් මත අර්බුද හට ගන්නා බැවින් ඊට අප රටටත් මුහුණපෑමට සිදු වූ බවයි.

කොවිඩ් වසංගතය සමග යුක්‍රේන සහ රුසියානු යුද අර්බුදය තෙල් මිල දෝලනය වීමට ප්‍රධාන වශයෙන් බලපෑම් එල්ල කර ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා.

කෙසේ හෝ මෙම අර්බුදකාරී තත්ත්වයන් ඉක්මනින් සමනය කොට, තවදුරටත් සහන ලබාදීමට ඉදිරියේදීත් කටයුතු කරන බවයි මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *