ඇය සුරූපී රංගන ශිල්පිනියක්. මේ වෙද්දි වෙළඳ දැන්වීම් 30ටම සිය රංගනයෙන් හරි අපූරුව ලෙසින් දායක වුණු ඇය නමින් ඉශංකා ජාන්වී වන අතර, “ආශාවරී” සිනමාපටය හරහා ද ඉශංකා ව අපිට දැකගන්නට හැකි අතර,
“ආශාවරී” කියන්නේ තේජා ඉද්දමල්ගොඩයන්ගේ අලුත්ම නිර්මාණයයි. ඉශංකාගේ පවුලේ ඇයට ඉන්නේ ආදරණීය සහෝදරයෙකු වන අතර, පියා නම් පොලිස් සේවයේ තමයි නිරත වී සිටින්නේ.
තවද, ඇගේ මවත් පොලිස් සේවයේ නිරත වී සිටි ඇති අතර දැන් නම් ඇය ගෘහණියකව තමයි කටයුතු කරන්නේ. ඉතින් පොලිස් සේවය කියන්නේ නිරන්තරයෙන් ස්ථාන මාරුවීම් එහෙම ලැබෙන කර්තව්‍යයක්නේ.
මේ නිසාම පියාගේ රැකියාව නිසා, ඉශංකාට පාසල් කාලේ දී පාසල් 3කටම යන්නත් වෙලා තියෙනවා. ඉශංකා අවසන් වතාවට අධ්‍යාපනය හදාරන්නේ ලින්ඩේ බාලිකා විද්‍යාලයේ වන අතර,
ඒ කාලේ ඉශංකා අධ්‍යාපනයටත් වඩා බාහිර ක්‍රියාකාරකම් වල තමයි නිරත වී තිබෙන්නේ. ඒ වගේම ඉතින් පාසල් කාලේ ඉශංකා කියලා කියන්නේ හරිම දඟකාර චරිතයක් කිවුවොතින් නිවැරදියි.
ඉශංකාගේ ආදරණීය පවුලෙන් ඔන්න ඉතින් පළමුව කලාවට සම්බන්ධ වන්නේ ඉශංකාගේ ආදරණීය පියාණන් වන අතර, ඒ වුණත් පියාගේ රැකියා ස්වභාවයත් එක්ක ඔහුට කෙමෙන් කෙමෙන් කලාව මඟ හැරෙනවා.
ඉතින් එය එසේ වුවද, ඉශංකාත් ඇගේ සහෝදරයාත් කුඩා කල සිටම වෙළඳ දැන්වීම් වලට සම්බන්ධ වී කටයුතු කර තිබෙන අතර, ඉශංකාගේ මුල්ම නිර්මාණය තමයි, “Depth of Darkness” කියන හින්දි ෆිල්ම් එක.

“Depth of Darkness” කියන්නේ, ලොව පුරා ඉන්න නළු නිලියන්ගෙන් සැදුම්ලත් නිර්මාණයක් වන අතර, ඒ ඉශංකා රඟපෑ හින්දි ෆිල්ම් එකනේ.
ඉතින් ඉශංකා පළමුවෙන් රඟ පෑ අපේ රටේ ෆිල්ම් එක තමයි, “ආශාවරී” කියලා කියන්නේ. “ආශාවරී” සිනමාපටයේ රඟපාන්න ඉශංකා තේරී පත් වුණාට පසුව ඇය ගෙදර ඇවිත් ඇගේ මව වත් බදාගෙන හයියෙන් කෑ ගැහුවාලු සතුටට.
ඉතින් ඇගේ මවටත් එමෙන් ම සතුටක් දැනී තිබෙන අතර, ජයලත් මනෝරත්න, සේමිණි ඉද්දමල්ගොඩ වැනි ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් සමඟන් වැඩ කරන්නට ලැබීම ගැන ඉශංකා බොහෝ සෙයින් උද්දාමයට පත් වන අතර,
එවිට ඉශංකාගේ වයස නම් අවුරුදු 19ක් වන අතර, “ආශාවරී” හී රූගත කිරීම් වලට ඉශංකා යන්නේ උසස්පෙළ විභාගයේ උණුසුමත් සමඟින් වන අතර,
ඈත් සමඟින් ඒ ෆිල්ම් එකේ රංගනයේ යෙදෙන හේමාල් රණසිංහ රංගන ශිල්පියා ගැන ඉශංකා කියන්නේ මෙන්න මේ වගේ කථාවක් තමයි. “ඔහු හරිම නිහතමානී කලාකරුවෙක්.
ඒ වගේම මම නම් ඔහුව දකින්නේ ලාංකේය සිනමාවේ ඉන්න ලොකූම ලොකු සම්පතක්” කියලායි. ඒ වගේම ඉශංකා මෙන්න මේ විදියේ හරි අපූරු මතක සටහන් ආවර්ජනය කරන්නටත් අමතක කර නම් නෑ.
ඒ වගේම මං “ආශාවරී” හි රංගනයේ යෙදෙද්දී පාසල් ගමන අවසන් වූවා විතරක් වන අතර, ඒ හින්දා මට හේමාල් අයියාට ටිකක් අමාරු වුණා මත් එක්ක ගණුදෙණු කරන්න.
මොකද මං ගස් ගල් ඒක එක කෑම ජාති එහෙම අල්ලලා හේමාල් අයියාගේ ටීෂර්ට් එක අල්ලනවා. හේමාල් අයියාගේ සන්ග්ලාසස් දෙකත් මගේ අතින් කැඩුනා.
මගේ අත වැදිලා හේමාල් අයියාගේ නහයත් තුවාල වුණා. ඒ වගේම ඉතින් චරිතෙට අවධානය දෙන්නේ නැතිව බැණුම් එහෙමත් අහල තියනවා. ඒ වගේ හරි සුන්දර මතකයන් ගොඩාක් “ආශාවරිත්” එක්ක ගොඩනැඟණා”, කියලයි
Source:viral21news



















