මේ දින වල බොහෝ ප්‍රේක්ෂක පිරිසක් නරඹන සුන්දර ටෙලි නාට්‍යයක් වශයෙන් පාර දිගේ ටෙලිනාට්‍ය හඳුන්වා දීමට හැකි අතර ප්‍රවීණ රංගන ශිල්පීන්ට අමතරව නවක පිරිසක් පිරිසක් ද මේ නාට්‍ය තුළ දැක ගන්නට පුළුවන්.
එම පාර දිගේ ටෙලි නාට්‍යය තුළ බොහෝ දෙනාගේ ආදරය දිනා ගැනීමට සමත් වූ චරිතයක් ලෙස බණ්ඩාගේචරිතය පෙන්වා දෙන්නට පුළුවන්.
අද වන විට පුංචි තිරයේ බොහෝ දෙනාගේ ආදරේ දිනා ගැනීමට සමත් වූ චරිතයක් වශයෙන් ද මොහු අද හඳුන්වනවා. මොහු නමින් කුසල් මධුරංග වේ.

වේදිකා නාට්‍ය ඔස්සේ කලා ක්ෂේත්‍රයට පිවිසි මොහුව පුංචි තිරය ඔස්සේ මෙරට ප්‍රේක්ෂකයා හඳුනාගනු ලබන්නේ මෙම පාර දිගේ ටෙලි නාට්‍ය තුළිනි.වේදිකා නාට්‍ය වලට සම්බන්ධ වෙමින්
2007 වසරේදී හොඳම සහාය නළුවාට හිමි සම්මානයෙන් ද 2013, 2014, 2015 යන වර්ෂවලදී වර්ෂ වල දී හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට මෙම දක්ෂ යොවුන් රංගන ශිල්පියා සමත් වනවා.
රංගනය කටයුතු වලට වාගේම නිවේදන කටයුතු සිදුකිරීමට දක්ෂයකු වන මොහු 2016 වසරේදී ස්වර්ණවාහිනි නාලිකාව තුළ නිවේදකයකු වශයෙන් ද කටයුතු කර තිබෙනවා.
පාර දිගේ ටෙලිනාට්‍යයට අමතරව ඔහුගේ රංගන හැකියාවන් දැකගැනීමට හැකි තවත් සුන්දර නිර්මාණ අතර සිහින සමාගම, බස් එකේ ඉස්කෝලේ යන ටෙලි නාට්‍ය තුළද ඔහුගේ රංගනය දැක ගැනීමට හැකි වනවා.
මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන පාර දිගේ ටෙලිනාට්‍ය හා සම්බන නාට්‍ය හා සම්බන්ධ වීමට අවස්ථාව උදා වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ,
ඔහුගේ මිතුරෙකු වන රංගන ශිල්පී තිලාන්ගේ සහාය ඇතිව ඔහුට මෙම අවස්ථාව උදා වූ බවත් පාරදිගේ ටෙලිනාට්‍ය තුළ බණ්ඩාගේ චරිතය කොට ලැබුණු ලොකු අවස්ථාවක් බවත් ඔහු ඉතාමත් සතුටින් මතක් කර සිටියා.
ඉතාමත් හොද ටෙලි නිර්මාණ වලට සහභාගී වන්නට ප්‍රථමයෙන් තමන්ට ඉගෙන ගන්නට බොහෝ දේ ඇති අතර ඒ සදහා ඔහු ජයලත් මනෝරත්න ,කමල් අද්දරාරච්චි වැනි ප්‍රවීනයන් වේදිකාවේ හැසිරෙන ආකාරය කෙසෙද යන්න පිටිපස්සේ සිට බලා අධ්‍යයනය කරන්ට වුනේ රංගපැම් පිළිබද හොද අත්දැකීමක් ලබා ගැනීම සදහා ඉව ඔහු තම අදහස් දැක්වීමකදි කියා සිටියා.
ඔහුගේ මේ රංගන හැකියාව නිසාම නිර්මාණ ගණනාවකටම මේ වන විට ආරාධනා ලැබී ඇති බවත් ඒ අතරින් තෝරාබේරා ගෙන හොද නිර්මාණ වලට ඉදිරියේදි සහභාගී විමට අදහස් කරන බවත් ඔහු කියා සිටියා.
Source:viral21news

















