BREAKING NEWS
Search

බදුල්ලේ PHIලා ලෙඩ නිවාඩු දමති

170

බදුල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද (10) අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නිරතවීමට තීරණය කර තිබේ.

දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාත්මක වැඩපිළිවල නිසි පරිදි සිදුකිරීමට හැකියාවක් නොමැතිවීම හේතුවෙන් එම තීරණය ගත් බව එහි සභාපති රංජිත් දිසානායක මහතා පැවසුවේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,
“මේ නෛතික ක්‍රියාවලිය තුළ නිශ්චිතව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවරෙන රාජකාරි මොනවා ද කියන එක අපට පැහැදිලි කර ගැනීමේ අවශ්‍යතාවය තිබුණා. ඒ සඳහා ප්‍රධාන ලේකම්තුමා සහ සෞඛ්‍ය ලේකම්තුමා සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරා මේ තීරණ පරිදි ක්‍රියාත්මක වෙන්න කියලා. නමුත් ඒ තීරණ අද වෙනකල් ඔවුන් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වෙලා තියෙනවා. මේ තුළ වෘත්තීය අයිතීන් දිනාගැනීමක් නෑ. බදුල්ලේ ජනතාවට ගුණාත්මකව මේ සේවය ඉටුකිරීමේ අවශ්‍යතාවය තමයි අපිට තියෙන්නේ. ඒ නිසා මෙහිදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට යෑමට අපි සුදානම් වුණේ මහජනතාව ආරක්ෂා කරන්න.“

මේ වන විට නිරෝධායනය ක්‍රියාවලිය අවිධිමත් ලෙස සිදුවන බවද පැවසු ඒ මහතා, රෝග ආශ්‍රිතයින් සොයා ගැනීම, පීසීආර් සිදුකිරීම හා ආසාදිතයින් රෝහල්ගත කිරීම වැනි කටයුතු ද බොහෝ සෙයින් අක්‍රමවත් වී ඇතැයි ද සඳහන් කළේය.

Adaderana.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *