BREAKING NEWS
Search

මහේල ජයවර්ධන නිරෝධායනයට මාලදිවයිනට යවයි

219

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මාලදිවයිනේදී නිරෝධායනයට ලක්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට පසුගියදා තීරණය කෙරුණි. ඒ අනුව ඊට සහභාගී වී සිටින විදෙස් ක්‍රීඩකයන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් පිටත් කර යැවීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය පියවර ගත්තේ.

ඒ හේතුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනට ද ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වී තිබෙනවා

ඒ අනුව මහේල ජයවර්ධන මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බවත් එම රටේදී ඔහු නිරෝධායනය වන බවත් මුම්බායි ඉන්දියන්ස් කළමනාකාරීත්වය විදෙස් මාධ්‍ය හමුවේ සඳහන් කර තිබෙනවා .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *