BREAKING NEWS
Search

ආධුනික පොලිස් කොස්තාපල් විභාගය කල් දැමේ

198

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පොලිස් කොස්තාපල්වරුන් සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බදවා ගැනීමේ ලි ඛිත පරීක්ෂණය දින නියමයක් නොමැතිව කල් දැමූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම ලි ඛිත පරීක්ෂණය මැයි මස 08 වන දිනට නියමිතව තිබූ අතර කොළඹ, අනුරාධපුර, මහනුරව අම්පාර සහ ගාල්ල යන ප‍්‍රදේශවල පැවැත්වීමට නියමිතව තිබී ඇත.

මේ සම්බන්ධයෙන් අදාළ අයදුම්කරුවන් වෙත දැනුම් දී තිබුණද ඔවුන්ට යම් තොරතුරක් දැනගත යුතුව ඇත්නම් 0115811921 සහ 0115811925 යන දුරකතන අංක වලට ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *