BREAKING NEWS
Search

පළමු වරට ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 500 සීමාව පනී

304

ඊයේ දිනයේදී මෙරටින් හඳුනා ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින් 1914 දෙනා අතුරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 542 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවෙල ප්‍රදේශයෙන් 101ක්, දොම්පේ 113ක්, පුගොඩ 80ක්, සීදුව 30, දිවුලපිටිය සහ ගම්පහ නගරයෙන් ආසාදිතයින් 27 දෙනා බැගින්, මිගමුව 20, මිනුවන්ගොඩ 15ක් සහ ජා-ඇල ආසාදිතයින් 14ක් වාර්තා වී ඇත.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 531ක් දෙනෙක් වාර්තා වී තිබෙනවා. කැස්බෑව ප්‍රදේශයෙන් 149ක්, කොළඹ මහ නගර සභා ප්‍රදේශයෙන් ආසාදිතයින් 85ක්, පිළියන්දල 59ක්, මොරටුව සහ පිටකෝට්ටේ ප්‍රදේශයෙන් ආසාදිතයින් 26ක්, මහරගම 14ක්, රණාල 17ක්, කොට්ටාව 18ක්, අතුරුගිරිය සහ බොරලැස්ගමුව ආසාදිතයින් 13 දදෙනා බැගින් වාර්තා වී ඇත.

ඊයේ දිනයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 116 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මිල්ලනිය, පානදුර දකුණ සහ බේරුවල ආසාදිතයින් 20 දෙනා බැගින්, මතුගම 18ක් සහ ඉංගිරිය 18ක් වාර්තා වී ඇත.

මීට අමතරව ගාල්ල 112ක්, කුරුණෑගල ආසාදිතයින් 22ක්, මාතර 12ක්, කෑගල්ල 23ක්, බදුල්ල 30ක්, අම්පාර 06ක්, අනුරාධපුර 25ක්, ත්‍රිකුණාමලය 18ක්, වව්නියාව 10ක්, නුවරඑළිය 46ක්, මහනුවර 85ක්, රතන්පුර 22ක්, පුත්තලම 15, යාපනය 38, මාතලේ 74, පොළොන්නරුව 39, හම්බන්තොට 69, කිලිනොච්චි 11ක්, මඩකලපුව 10, මුලතිව් 01ක්, මන්නාරම 03ක් සහ විදේශගතව සිට පැමිණි පුද්ගලයින් 54 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවයි කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධස්ථානය සඳහන් කර සිටියි.

nethnews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *