BREAKING NEWS
Search

මෙරටට පැමිණෙන ගුවන් මගීන් ගණන සීමාකෙරේ

151

මෙරටට පැමිණෙන ගුවන් යානයක උපරිම මගීන් සංඛ්‍යාව 75 දෙනෙකු දක්වා සීමා කිරීමට තීරණය කර තිබේ.

කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්යනස්ථානය විසින් මේ සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

රට තුළ පවතින කොරෝනා අවදානම හා ජාත්‍යන්තර ගුවන් යානා මඟින් මෙරටට පැමිණෙන මගීන් සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන තිබේ.

ඒ අනුව හෙට (03) දිනයේ සිට ඉදිරි දින 14ක කාලය සඳහා බලපැවැත්වෙන පරිදි මෙරටට පැමිණෙන ගුවන් යානයක සිටිය හැකි උපරිම මගින් සංඛ්‍යාව 75 දෙනෙකුට සීමා කළ යුතු බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කරයි.

Adaderana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *