BREAKING NEWS
Search

සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන පොලිස් ලාංඡනය යෙදූ ව්‍යාජ පත්‍රිකාව ගැන විමර්ශණ

404

ශ්‍රී ලංකා පොලිස් ලාංඡනය ව්‍යාජ ලෙස යොදා ගනිමින් සකස් කළ ව්‍යාජ පත්‍රිකාවක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම පත්‍රිකාව පොලීසිය විසින් නිර්මාණය කළ පත්‍රිකාවක් නොවන බැවින් එම පත්‍රිකාවේ තොරතුරු සම්බන්ධව ශ්‍රී ලංකා පොලීසිය වගකීම භාර නොගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම ව්‍යාජ පත්‍රිකාව නිර්මාණය කර ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු‌වේ පරිගණක අංශය විසින් විමර්ශනයක් ද ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

එම ව්‍යාජ පත්‍රිකාව පහතින් දැක්වේ…..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *