BREAKING NEWS
Search

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනූ රණවිරුවා

328

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් හා ආසියානු වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රොෂාන් අබේසුන්දර ඊයේ (10) දා සමත් විය. තලෙයිමන්නාරම් මුහුදු තීරයේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා පිහිනා, එතැන් සිට නැවතත් තලෙයිමන්නාරම මුහුදු තීරය දක්වා පිහිනා පැමිණීමේ බලාපොරොත්තුවෙන් පෙරේදා (10)දා අලුයම 2.00ට රොෂාන් විසින් මෙම අභියෝගය භාර ගත්තේය.

ඊට සාර්ථක අවසානයක් සනිටුහන් කළ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර පැය 28යි, විනාඩි 19යි තත්. 43ක කාලයක් වාර්තා කරමින් ඊයේ (11දා) පෙ.ව. 7.00 පමණ තලෙයිමන්නාරම මුහුදු තීරයෙන් ගොඩ බිමට පැමිණියේය. මෙහිදී රොශාන් පිහිනා ගිය සම්පුර්ණ දුර කි.මී. 59.3කි. මේ පිළිබඳ නිවේදනය නිකුත් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව දන්වා සිටියේ, රොෂාන් දැක් වූ දක්‍ෂතාව ශ්‍රී ලංකා මෙම ආසියානු වාර්තාවක් බවයි. රොෂාන් විසින් බිඳළනු ලැබුවේ 1971 වසරේදී ඉන්දීය ජාතික කුමාර් ආනන්දන් විසින් මෙම දුර තරණය කරමින් පැය 50ක කාලයක් වාර්තා කරමින් තබා තිබූ වාර්තාව බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.මේ අතර රොෂාන්ට තලෙයිමන්නාරමේ සිට ධනුෂ්කොඩි දක්වා පිහිනා යාමට ගතවී ඇත්තේ පැය 10 විනාඩි 30ක් වන අතර, එය මෙරට පිහිනුම් වාර්තාවක්ද වෙයි. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහයෝගය මත රොෂාන් විසින් මෙම දක්‍ෂතාව දක්වනු ලැබීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *