BREAKING NEWS
Search

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන පිරේ ගම්පහ ආසාදිතයින් 96කට නිවෙස් වල සිට ප්‍රතිකාර

785

මේ වනවිට ගම්පහ හා ආශ්‍රිත ප්‍රදේශ වල කොරෝනා රෝගීන් විශාල ලෙස වාර්තා වීමත් සමඟ සියලුම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන පිරීගොස් තිබෙනවා.

එම නිසා අලුතින් රෝගියෙකු ඇතුළත් කිරීමට හෝ එවැනි කෙනෙකුට අවශ්‍ය රෝහල් සේවාවන් ලබාදීමට නොහැකි තත්වයක් මතුව ඇති බවයි සෞඛ්‍ය ආරංචි මාර්ග සදහන් කර සිටින්නේ.

මේ නිසා ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කීපයක කොවිඩ් ආසාදිත රෝගීන් නිවෙස් වලට තබා ප්‍රතිකාර ලබාදීමට තීරණය වී ඇති අතර ඒ අනුව දැනට 96 දෙනෙක් නිවෙස් තුළ රඳවා තබන්නට සිදු වී ඇතැයි ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ දන්වා සිටිනවා.

කටාන රෝගීන් 25ක්, සීදුව රෝගීන් 10ක්,මිනුවන්ගොඩ රෝගීන් 20ක්, දිවුලපිටිය රෝගීන් 25ක් හා ගම්පහ රෝගීන් 16ක් මෙම 96 දෙනා අතර සිටින බව වාර්තා වනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *