2020 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද සිට දින 7ක් ඇතුළත නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, එම විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන සිසුන් සැප්තැම්බර් මාසයේදී විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමට ද පියවර ගන්නා බවය.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මේ අතර සියලු ම විශ්වවිද්‍යාල මැයි 10 වන සඳුදා විවෘත කිරීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේය.
දිවයිනේ සියලු පාසල් විවෘත කරන දිනය මැයි මස 2 වන දා වන විට තීරණය කරන බව ද ඔහු පැවසීය.



















