BREAKING NEWS
Search

බදියුදීන් සොහොයුරන්ගෙන් ප්‍රශ්න කිරීමට දින 90ක්

277

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ සහ ඔහුගේ සොයුරු රියාජ් බදියුදීන් මහතා දින 90ක් රඳවා තබාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

රිෂාඩ් බදියුදීන් මහතා සහ රියාජ් බදියුදීන් මහතා රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට ගත් පැය 72ක රැඳවුම් නියෝගයේ කාලය අද (අප්‍රේල් 27) උදෑසනින් අවසන් වන බවත් ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කළ යුතුවීම හේතුවෙන් දින 90ක් රඳවා තබා ගැනීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අද දිනයේ මෙලෙස රැඳවුම් නියෝගයක් ලබාගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතකයින්ට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ පසුගිය අප්‍රේල් 24 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ සහ ඔහුගේ සොයුරු රියාජ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගනු ලැබීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *