BREAKING NEWS
Search

සෝම හිමිගේ පිළිරුවක් ඔස්ට්‍රේලියාවේ ඉදිකරයි (Video)

249

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ නිර්මාතෲ පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේගේ පිළිරුවක් උන්වහන්සේගේ 73 වන ජන්ම දිනය නිමිති කරගෙන එම විහාරස්ථානයේ ඉදි කර තිබේ.

පසුගියදා, එම ප්‍රතිමාව නිරාවරණය කිරීම වත්මන් විහාරාධිපති පූජ්‍ය දිගාමඩුල්ලේ විමලානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු අනෙකුත් විහාරාධිපති ස්වාමීන් වහන්සේලාගේ අතින් සිදු කෙරිණි.

එම අවස්ථාවට මෙල්බර්න් නුවර කොන්සියුලර් ජෙනරල් කපිල ෆර්නෑන්ඩු මහතා ඇතුළු පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ මුල්කාලීන දායකයින් විශාල පිරිසක් ද සහභාගී වී තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *