කොරෝනා රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවට රජය මගින් දැඩි අනතුරු ඇගවීම් නිකුත් කර තිබියදීත් ඒ කිසිවක් නොතකා අද දිනයේදීත් විශාල පිරිසක් නුවරඑළියේ සංචාරය කිරීමට පැමිණ ඇති බව දැනගන්නට ඇත.
මීට අමතරව පුදබිම් ආශ්‍රිතවද විශාල පිරිස් එක්රොක් වී සිටි ආකාරයක් දැකගත හැකි විය.
මේ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත රටේ විවිධ ප්‍රදේශවලින් කොරෝනා පොකුරු මතුවීය හැකි බව සෞඛ්‍ය අංශවල මතය වී තිබේ.


















