BREAKING NEWS
Search

පොලිස්සියට අලුත් ගැජට් එකක්

159

මාර්ග රිය අනතුරු වැඩි වීම නිසා ම ත්ද්‍රව්‍ය භාවිතා කොට රිය පදවන රියැදුරන්ගේ ඛේටය පරීක්ෂා කර ඔවුන් පහසුවෙන් පොලිසියට හඳුනා ගත හැකි නවීන යන්ත්‍ර ලබන මැයි මාසයේ මැද භාගයේදී සියලුම පොලිස් රථවාහන අංශවලට ලබා දීමට තීරණය කොට ඇතැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා මව්රටට පැවසීය.

එම නවීනතම යන්ත්‍ර ඉදිරි සති කිහිපය තුළ මෙරටට ගෙන්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා පසුගිය සතියේ අන්තරාදායී ඖ ෂධ පාලන මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතාට උපදෙස් දී තිබේ.

එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් පසු සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් පෞද්ගලික බස් රථවලට නංවා අනතුරුදායී ලෙස බස් රථ පදවන රියැදුරන් ගැන එම මොහොතේම ළඟම ඇති පොලිසියට දැනුම් දීමේ ක්‍රමවේදයක්ද සැලසුම් කර ඇති බව ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඛේට පරීක්ෂණ යන්ත්‍ර ගෙන්වීමට අදාළව විදේශ රටවලින් ටෙන්ඩර් කැඳවීමට කටයුතු කර ගෙන යන බව අන්තර්දායී ඖ ෂධ පාලන මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *