රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
දිරි මාසය තුළ ජනතාව එක්රැස් වන කිසිදු උත්සවයක් සඳහා අවසර නොදීමට තීරණය කර ඇති බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යවරිය සඳහන් කරයි.
ලිහිල් කර ඇති ඇති නිරෝධායන නීති නැවත සලකා බලා නැවත සති දෙකක නිරෝධායනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
මාසයක් පුරා මෙම ක්‍රමය නැවත ක්‍රියාත්මක කර රෝගීන් වාර්තා වීම අනුව ඉන්පසු ඊළඟ පියවර කුමක්ද යන්න සොයා බැලීමට තීරණය කළ බව අමාත්‍යාවරිය සඳහන් කරයි.
කොරෝනා වසංගතය ගැන සිතා බලා මේ දින වල සංචරණය සීමා කරන ලෙස විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.




















