හිරුෂි වසුන්දරා කියනවට වඩා ටීචර් අම්ම කියුවහම නම් අද වන විට නොදන්නා කෙනෙක් නැති තරම් ඇය ජනප්‍රියයි. සුන්දර සිනහවකට වගේම සුන්දර වරලසකට උරුමකම් කියන අහිංසක රංගන ශිල්පිනියක් තමයි හිරුෂි කියන්නේ. 1995 වසරේ ජූනි මස 29වන දින උපන් ඇය මූලික අධ්‍යාපන කටයුතු හැදෑරුවේ මාතර ඌරුබොක්ක ජාතික පාසලෙන්.
ඉන්පසු ඇය 6 වන ශ්‍රේණිය සිට අ.පො.ස උසස් පෙළ දක්වා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයෙන් සිය අද්‍යාපන හදාරනවා. ඇයගේ පළමු වන රංගනය වන්නේ ‘රාවණ අඩවිය’ ‘සුපහන් සිත’ ‘පිනිකඳුලු’ වැනි ටෙලිනාට්‍ය හරහායි. ඒ වගේම නිස්රසාණ ,‘පාවෙලා වලාකුලේ ඒවිද අම්මා’ යන ටෙලි නාට්‍ය හරහා බොහෝ ප්‍රේක්ෂක ආදරයට පත්‍ර වුනා.
ඉතින් මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන ටීචර් අම්මා ටෙලි නාට්‍ය හරහා බොහෝ ප්‍රේක්ෂක ආදරයට සහ ජනප්‍රියත්වයට පත් වී සිටිනවා. ලංකාවේ නිතර නිතර කතා නොවුනත් හිරුෂි ඉන්දියාවේත් ගොඩක් ජනප්‍රියයි, ඒ වගේම ඇයට මලයාලම් හා තෙලිඟු චිත්‍රපට දෙකකට ඉන්දියාවෙන් ආරාධනා ලැබිලා තියෙනවා.
ඒ විතරක් නෙවෙයි ඇය දමිල මියුසික් වීඩියෝ දෙකක රඟපාන්නත් ආරාධනා ලැබිලා තියනවා කියලයි අපටය දැනගන්නට ලැබුනේ, ඒ වගේම ඇය මේ දිනවල නීතිඥවරියක් වීම සඳහා ඉගෙනුම ලබන බවයි අපට ආරංචි වුනේ .ඉතින් මේ සුරුපිනියගේ සුන්දර චයාරුප පෙලකුත් අද අපි ඔබට ගෙන ආවා.
01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.


















