රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
කුරුණෑගල දිස්ත්‍රික්කයේ තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා කර තිබේ.
ඒ අනුව, නිරාවිය සහ නිකදළුපොත යන ග්‍රාමනිලධාරී වසම් නැවත දැනුම්දෙන තුරු හුදෙකලා කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
යුද්ධ හමුදාපතිවරයා අවධාරණය කළේ, ඉදිරි සති තුනක කාලය තීරණාත්මක බවත් එළඹෙන සති අන්තනයේ ජනතාවගේ හැසිරීම අතිශයින් වැදගත් වන බවත් ය.
ඒ හේතුවෙන්, අනවශ්‍ය එක් රොක්වීම් හැකිතාක් අවම කරන ලෙසත් මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනිවාර්යෙන් අනුගමනය කරන ලෙසත් යුද්ධ හමුදාපතිවරයා මහ ජනතාවට දැනුම් දී සිටියි.
එමෙන් ම, තමන් ඇසුරු කරන පුද්ගලයන් පිළිබඳව විමසිලිමත්ව කටයුතු ලෙස ද යුද්ධ හමුදාපතිවරයා ජනතාවට දැනුම් දී සිටියේ ය.
යුද්ධ හමුදාපතිවරයා අවධාරණය කළේ, එසේ නොමැති නම් දැනට උද්ගතව ඇති තත්ත්වය මීට වඩා අවදානම් වීමේ හැකියාවක් ඇති බවය.
මේ අතර, මෙම සති අන්තයේ රට ලෝක්ඩවුන් කිරීමේ තීරණයක් ඇති ද යන්න සම්බන්ධයෙන් ‘මව්බිම’ වෙබ් අඩවිය යුද්ධ හමුදාපතිවරයාගෙන් විමසීමක් කළේ ය.
එහිදී යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ, තව ම එවැනි තීරණයක් ගෙන නොමැති බවය

















